Wednesday, September 5, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය සාධාරණද?

මේ වසරේ ජුලි හතර වැනි දින සමස්ථ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබදව සමාජය තුල කතිකාවක් පවති. එහෙත් වචන හා සංඛ්‍යා හරබ සදහා සුදුසු පරිචයක් ලබානොමැති සාමාන්‍ය ජනතාව උපේක්ෂාවෙන් බලා සිටින්නේ මෙම ප්‍රශ්නය ඉක්මනින් නිරාකරනය විය යුතු බවයි. ඊට හේතුව ආචාර්යවරුන්ට දොළපිදේනි ලබාදීම හෝ රජය අපහසුතාවයට පත් කිරීම හෝ දිනුම පැරදුම තීරණය කිරීම හෝ නොව සාමාන්‍ය ජනතාව තමන්ගේ දරුවන් වෙනුවෙන් කර ඇති කැපවීම හේතුවෙන් දරුවන් ට ඉක්මනින් උගන්වා ඔවුන් යහමගට ගැනීමට අවශ්‍ය නිසාය.

දේශකයා විසින් සී ඒ චන්ද්‍රප්‍රේම මහතා දිවයින පුවත්පතට සපයා ඇති මාතෘකාව හා සමාන ලිපිය සී නිවුස් අඩවියෙන් පරිශීලනය කරන ලද අතර මේ ලිපිය මත ඔහුගේ ලිපිය හා ආචාර්යවරුන් අතර තදබල කතිකාවක් ඇත. දිනමිණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන අතකොලුවක් බව පවසන්නේ තමන්ගේ කුණුහරුප විචාර හරහාය. චන්ද්‍රප්‍රේම මහතාට බැට දෙන ආචාර්යවරුන් දෙපලක් වන ලාල් පන්නිල හා කීඹියහෙට්ටි මහතුන් ඔවුන්ගේ ලිපියෙන් පවසන අංක විජ්ජාවන් පොදු ජනයාට උරුම දෙයක් නොවන්නේ යාන්තං කතිරයක් ගහන්ට පුලුවන් අපිට ඒකත් හරියට කරගන්න බැරිඋනා නේ කියන කතාව වගේය.

ලංකාදීපයේ වසන්තප්‍රිය රාමනායක සිතන්නේ ආචාර්යවරුන් ආණ්ඩු විරෝධි බලවේගයක පුරුකක් තනන්නට දත කව බවයි. ඇමති වරුන් වල්බූරු නිදහසක් (කට කහන කතාව කව්රු කිව්වද කියල මතක නෑ) බුක්ති විදිද්දි අසරණ ජනතාව කබලත් කුඩු කරගෙන ඉන්නා වෙලාවක මහරජ සහ පිරිවරද එවක්ම කොරයිනම් කුමන කතාද?

බුද්ධිමතුන්ගේ හා දේශපාපකයින්ගේ සෙප්පඩවිජ්ජා හේතුවෙන් බැටකන්නේ ශිෂ්‍ය ප්‍රජාවය. අනධ්‍යයන සේවක වෘත්තිය ක්‍රියා මාර්ගයන් හේතුවෙන් මාස ගණනින් කල් යන විභාග, මෙම සෙප්පඩවිජ්ජා හරහා වසර ගණනක් පස්සට යනු ඇත. ආචාර්යවරුන් දතකන්නේ රාජ්‍ය අධ්‍යාපනය සුරකින්නට හා සුරකින්නටම හෙයින් දෝ බැට කන ශිෂ්‍ය ප්‍රජාවගේ විස්සෝපය නොහැගෙයි. නොදැනෙයි.

විප්ලවීය දඹර අමිලයන් ඇතුලු පණබයේ ගැහෙන නිර්මාල් රංජිත්ලා දෘඩතර අධිෂ්ඨානයක් ගන්නේ මෙම විප්ලවය ජය ගන්නටය. ‍එහෙව් එකේ ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් අහිංසක ඉතා නිහතමානී ප්‍රතිපාදන කොමිසමේ සභාපති උන්නැහේට කරන අපහාස ඉතා අසාධාරණය.

එතුමා අන්දරේගේ මුණුපුරෙක් බව සැබැවක් විය හැක. හම්පඩ විප්ලවකාරයෙකුද විය හැක. චක්‍රලේඛ නං සේවේ හැටියට නොගහාම බැරිය. හැබැයි. අධ්‍යාපනයේ පප්පා කියා අපහාස කිරීම නුසුදුසුය. උත්තරය නිවරැදි විය යුතුය. "අධ්‍යාපනයේ ඇම්බැට්ටයෙකි,"

කරුණු කාරණා කෙසේ කීවත්, ඉලක්කං - වචන හරබ කළත් ගියදේ ගත නොහැක. කාලය ඉපයිය නොහැක. අනාගතය ආපස්සට යෑම නතර කල නොහැක. වසරක පමණ ඇවෑමෙන් විශ්විද්‍යාල සදහා ද්විත්ව කණ්ඩා‍යම් බදවා ගැනීම නතර කල නොහැක. බුද්ධිමත් සාකච්ඡා මණ්ඩප අවශ්‍ය නැත. රට ආපස්සටය. ආණ්ඩුවත් ආචාර්යවරුනුත් පියවරක් පසුපසට ගෙන සෙමින් දැහැමෙන් විසදුම් සොයා ගත යුතුය. එසේ නැතහොත් ධර්මිෂ්ඨ උතුමා කී ලෙසටම අපගේ ආරක්ෂාව අපම සලසා ගත යුතුය.

3 comments:

  1. මේක එලකිරි විස්තරයක්නේ. මං අද නේ දැක්කේ. අප්පට සිරි අර බැනර් එක තියෙන්නේ රුහුණු කැම්පස් එක ගාව නේද?

    ReplyDelete
  2. වැඩක් නෑ අප්පා ඔය ගැන කතා කරල. ඇත්ත ඒක මට එව්වේ මාතර මිතුරෙක්. ස්තුතියි

    ReplyDelete
  3. උබේ මතේ නම් මන් දන්නේ නැහැ මචන්.
    ඔය ලිපිය කියෙව්වෙත් නැහැ .මට කියන්න තියෙන්නේ
    එකෙන්ම ඕව බයිලා බවයි...
    ඔය ගණිත සූත්තර ඇයි මෙහෙම ඒවාට දන්නේ නැත්තේ

    පන පිටින් මරු තුරුලට යෑමේ දීමනාව 15,000
    බෝම්බ දීමනාව
    ආහාර නොමැති වීමේ දීමනාව
    කකුල් කුණු වීමේ දීමනාව
    ඇස් අන්ද වීමේ දීමනාව
    ශරීර අවයව අහිමි වීමේ දීමනාව


    ඇයි මිනිස්සු මේ තරම්ම තමන් ගැන විතරක් හිතන්නේ ?

    ReplyDelete